ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර පිළිකා අවදානම ඉහළට - ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගෙන් රතු එළියක්
උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන් සහ නව යෝවුන්වියේ පසුවන දරුවන්ගෙන් වසරකට 900ත් -1,000ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් මෙරටින් වාර්තාවන බව ප්‍රජා වෛද්‍ය විශේෂ්‍ය, වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සදහන් කර තිබේ.
ජාතික පිළිකා මර්දන වැඩසටහනට සමගාමීව අද (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී මේ බව සඳහන් කර ඇත .
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එහිදී වඩාත් පෙන්වා දී ඇත්තේ ලේ පිළිකාව නොහොත් ලිව්කේමියාව,වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව වන ලිම්‍ෆොමාව,මොළය ආශ්‍රිත පිළිකාව, අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇස් ආශ්‍රිත පිළිකාව බවයි
එහිදී වෛද්‍යවරයා පැවසුවේ සෑම පිළිකාවක් පිළිබඳවම කලින් හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිකාර කිරීමෙන් පිළිකාව සුවකර ගැනීමට ඉතා ඉහළ හැකියාවක් පවතින බවයි. ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර ඇතිවන පිළිකා සහ ඒ සඳහා වන ප්‍රතිකර පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ලොව පුරා සැප්තැම්බර් මාසය " ළමා පිළිකා පිළබඳ දැනුවත් කිරීමේ මාසය " ලෙස සමරනු ලැබ ඇත .