ලෝකෙටම ගිනි පත්තු කරමින් ජූලි 23ට පසු පළමුවරට බොර තෙල් මිල ඩොලර් 100 පනී - බලාපොරොත්තු සුන් කරමින් අලුත් වූ තෙල් මිල [UPDATE]
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ගැටුම් හේතුවෙන් ගෝලීය සැපයුම් තවදුරටත් කඩාකප්පල් වීමේ තර්ජනය හමුවේ ජූලි මාසයෙන් පසුව පළමු වරට තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ග්‍රිනිච් වේලාවෙන් 0721 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට ඩොලර් 2.15 ක් හෙවත් 2.2% කින් ඩොලර් 100.07 ක් වූ අතර, එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයකට ඩොලර් 1.70 ක් හෙවත් 1.83% කින් ඩොලර් 94.73 ක් විය.
ඒ අනුව එක්සත් ජනපදය සහ ඉරානය අතර නවතම ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ ගල්ෆ් කලාපයේ ආතතීන් උත්සන්න වීමෙන් අනතුරුව, තෙල් මිල සඳහා ජාත්‍යන්තර මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් මිල සන්ධිස්ථානය ඉක්මවා 2.1% කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ටෙහෙරානය ඇමරිකානු නාවික හමුදා යුද නෞකාවකට බැලස්ටික් මිසයිල යොදාගෙන පහර දීමට උත්සාහ කිරීමෙන් පසුව, ඉරාන ටැංකි නැව් කිහිපයක් "විනාශ" කළ බව එක්සත් ජනපද හමුදාව සඳහන් කළා.
ඉරානයේ සහාය ලත් හූතිවරු පෙර දින රාත්‍රියේ සෞදි අරාබියේ නගර හතරකට ප්‍රහාර එල්ල කිරීමෙන් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා තෙල් ස්ථාපන ගිනි තැබීමෙන් අනතුරුව එය සිදුවිය.
ඒ අනුව මාස හයක් පුරා පැවති යුද්ධයට ස්ථිර විසඳුමක් සඳහා වූ බලාපොරොත්තු සුන් වී ගොස් සටන් නැවත ඇවිළීමත් සමඟ අගෝස්තු මුල සිට මිල කාර්තුවකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.