හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ලබා දුන් අදහාගත නොහැකි දඩුවම

Report

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත .

මෙම තීන්දුව ලබා දීබ් තිබෙනුයේ කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසිනි.

තවද කොළඹ, බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83.7 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

මාධ්‍යට නලින්දගෙන් යළි රතු එළියක් - රූපවාහිනී බලපත්‍ර අහෝසි කිව්වේ සෞඛ්‍ය ඇමති විදිහට.. නලින්ද සැර වෙයි

මාධ්‍යට නලින්දගෙන් යළි රතු එළියක් - රූපවාහිනී බලපත්‍ර අහෝසි කිව්වේ සෞඛ්‍ය ඇමති විදිහට.. නලින්ද සැර වෙයි

ඉන් අනතුරුව දීර්ඝ විභාගයකින් පසු මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනුයේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

තවද විත්තිකරුට පෙර වැරැද්දක් පවතින බවත් පැමිණිලිකරු විසින් අධිකරණයට දැනූම් දී ඇත.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා තීරණය කළේ විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මධූෂ් එක්ක පැටළුනු හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට ඇප

මධූෂ් එක්ක පැටළුනු හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට ඇප