මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කළ දෙදෙනාට අධිකරණය ගත් තීරණය

Report

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැර ඇත.

එම සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අවුරුදු 58 හා 67 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

පොලීසිය සදහන් කළේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමතින් සිටි බවයි.

 එලෙස ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දැඩි කොන්දේසි යටතේ මුදා හැරුණේ රුපියල් එක් ලක්ෂ 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

රන් මිල ආයෙත් මෙච්චරකින් පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

රන් මිල ආයෙත් මෙච්චරකින් පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

පොලීසිය විසින් සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් යළි කළහකාරී ලෙස හැසිරුණහොත් ඇප අවලංගු කරන බවයි.

එම සැකකරුවන් දෙදෙනා වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ ආරාමයක් අසලදී මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කර තිබුණි .

ඊට අදාළ වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් සංසරණය විය.

ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්