ට්‍රම්ප්ට ටොක්කක් - ගාසා තීරය පිළිබඳ ට්‍රම්ප්ගේ යෝජනාව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15 කින් සමන්විත ගාසා තීරයේ සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ගාසා තීරයේ ක්‍රියාත්මක වන හමාස් ඇතුළු අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් 'සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම' සඳහා එකඟතාවකට පැමිණි බව ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය පසුගිය මාසයේදී ප්‍රකාශ කළේය.

මුළු ලංකාවටම සුබ සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ නොසිතූ ලෙස ආදායමක් ඉහළට

මුළු ලංකාවටම සුබ සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ නොසිතූ ලෙස ආදායමක් ඉහළට

ගාසා තීරය සඳහා වූ අදාළ නිරායුධ කිරීමේ සැලැස්ම හමාස් සංවිධානය පිළිගත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ස්ථිරසාර සාමය සහ ආරක්ෂාව කරා යන දැවැන්ත පියවරක් තැබීමට හැකි වූ බව ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කර තිබුණි.

කෙසේ වෙතත්, තම සංවිධානය සතු බර අවි භාරදීම සිදු කරනු ලබන්නේ ඊශ්‍රායලය විසින් සියලු ආකාරයේ ආක්‍රමණ නතර කිරීම සහ ගාසා තීරයෙන් තම හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම මත පදනම්ව බව හමාස් සංවිධානය පවසා තිබුණි.

ඔයාලා හිතන දෙයක් ඔතන වුණේ නැහැ - ප්‍රසංගයක දි උමාරියාගේ උඩුකය පෙනුනා යැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන සිදුවීමකට ඇය විසින් උත්තර බඳියි

ඔයාලා හිතන දෙයක් ඔතන වුණේ නැහැ - ප්‍රසංගයක දි උමාරියාගේ උඩුකය පෙනුනා යැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන සිදුවීමකට ඇය විසින් උත්තර බඳියි

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ මූලික සටන් විරාමයකට එකඟතාව පළ කිරීමෙන් පසුවද ඊශ්‍රායලය දිගින් දිගටම එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවට ද චෝදනා එල්ල වේ.

අද (09) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම අමතමින් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේ, අදාළ කරුණු 15 කින් යුත් ලේඛනය තමන් ඇතුළු රජය සෘජුවම ප්‍රතික්ෂේප කරන බවයි.

හමාස් සංවිධානය සැබෑ ලෙසම නිරායුධ වන තෙක් ඊශ්‍රායල හමුදාව කිසිදු ලෙසකින් ගාසා තීරයෙන් ඉවත් නොවන බවත්, තම හමුදාවන්ට සහ පුරවැසියන්ට එරෙහිව එල්ල වන ඕනෑම තර්ජනයක් මැඩපැවැත්වීමට දිගටම කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ඊශ්‍රායලය ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට පෙර හමාස් සංවිධානය නිරායුධ විය යුතු අතර, එය හුදෙක් ව්‍යාජ නිරායුධ කිරීමක් නොවිය යුතු බව ද නෙතන්යාහු මෙහිදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි පියවර සහ තත්ත්වයන් පිළිබඳව එක්සත් ජනපද නිලධාරීන් සමඟ ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කළේය.