කථානායක නිල නිවසට අලුත් වෙනසක් - දසවැනි දෙපාර්තමේන්තුව ලෙස පර්යේෂණ මධ්‍යස්ථානයක්

Report

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මැක්ස් ප්ලැන්ක් පදනම (Max Planck Foundation for International Peace and the Rule of Law) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන සම්බන්ධීකාරක ලෙස සහයෝගය ලබා දෙන මැක්ස් ප්ලැන්ක් පදනම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ජොහෑන්ස් කෘස්මාර්ක් (Johannes Krusemark) මහතා, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී හේලී නිකෝල් එවන්ස් (Hayley Nicole Evans) මහත්මිය සහ නීති උපදේශක රුවිනි පෙරේරා මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

අධිකරණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් - 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන පාර්ලිමේන්තුවට එන දිනය මෙන්න

අධිකරණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් - 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන පාර්ලිමේන්තුවට එන දිනය මෙන්න

එහිදී යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා මැක්ස් ප්ලැන්ක් පදනම විසින් සකස් කර ඇති ව්‍යාපෘති යෝජනාවලිය ගරු කථානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. කථානායක නිල නිවස යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය බවට පරිවර්තනය කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සාකච්ඡාවේදී අදහස් දැක් වූ කථානායකවරයා සඳහන් කළේය.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස, • පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පුහුණු කිරීම,

• ප්‍රතිපත්ති පර්යේෂණය සහ විශ්ලේෂණ සඳහා අධ්‍යයන අවස්ථා ලබා දීම,

• පාර්ලිමේන්තුව මඟින් සම්පාදනය කරන නීති සහ පෙර සම්මත කරන ලද පනත් පිළිබඳ මහජන අදහස් ලබාගෙන ඒවායේ ප්‍රයෝජනවත්භාවය නැවත ඇගයීම (Post-Legislative Scrutiny),

• ඒ සම්බන්ධයෙන් පර්යේෂකයන්ට සහ විද්වත් පාර්ශ්වයන්ට දායක වීමට අවස්ථාව සැලසීම යන කරුණු කථානායකවරයා අවධාරණය කළේය.

මෙම යෝජනාවලිය සකස් කිරීමේදී ඉන්දියාවේ ලෝක් සභාවේ සහ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු පර්යේෂණ ආයතන පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, යෝජිත ආයතනය ස්ථාපිත කිරීම සඳහා සම්පත් දායකයෙකු ලෙස මැක්ස් ප්ලැන්ක් පදනම ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඒ මහතා සිය ස්තුතිය පළ කළේය.

යෝජිත පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තම ආයතනය සූදානම් බව මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළේය.

රජයෙන් විශේෂ ව්‍යාපෘතියක් - පවුල් 1,300කට රජයෙන් නොමිලේම ලබා දුන් දේ මෙන්න

රජයෙන් විශේෂ ව්‍යාපෘතියක් - පවුල් 1,300කට රජයෙන් නොමිලේම ලබා දුන් දේ මෙන්න

මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර ඇති කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, කමිටුව විසින් සකස් කරමින් පවතින ව්‍යාපෘති යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත අවසන් කර භාර දීමට අපේක්ෂා කරන බවයි.

මැක්ස් ප්ලැන්ක් පදනම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ ද එම ක්‍රියාවලියේදී සලකා බලන බවත්, ඒ සඳහා පදනම වෙත ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසීය. එම කමිටුවේ අනෙකුත් කමිටු සමාජීකයින් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක කාන්ති පිරීස් මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ සරත් කුමාර මහතායි.

මෙම සාකච්ඡාවට ගරු කථානායකවරයාගේ පුද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා සහ සම්බන්ධීකරණ ලේකම් ජනක මහේෂ් අතපත්තු මහතා ද සහභාගී වූහ.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...