බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සේනක පල්ලේතැන්න මහතා පත් කෙරේ
නාවලපිටිය ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සංවිධායක කේ.එල්.ඒ. ගුණසිංහ මහතා ඇතුළු කොට්ඨාස නියෝජිතයින් පිරිසක් සර්වජන බලය පක්ෂය සමඟ නිල වශයෙන් එක්ව තිබේ.
සර්වජන බලයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) නාවලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ශාලාවක පැවැති විශේෂ හමුවකින් අනතුරුව මෙම පිරිස සර්වජන බලය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සඳහා එක්වීමට තීරණය කර ඇත.
මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ කේ.එල්.ඒ. ගුණසිංහ මහතා සඳහන් කළේ, තමා ඇතුළු ප්‍රාදේශීය නියෝජිත පිරිස මින් ඉදිරියට සර්වජන බලය පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි.
අලුතින් පිරිස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ සර්වජන බලයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ, බන්ධනාගාර තුළ ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් සඳහා විපක්ෂය සෘජුව මැදිහත් වන බවට රජය චෝදනා කරන්නේ නම්, එවැනි අර්බුද පාලනය කරගත නොහැකි ආණ්ඩුවක් රටට අවශ්‍ය නොවන බවයි.
එමෙන්ම, මහා නායක ස්වාමීන් වහන්සේලාගේ දැඩි විරෝධය මධ්‍යයේ වුවද විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පියවර ගැනීම මඟින් වත්මන් රජයේ ඒකාධිපති පාලන ස්වරූපය මනාව තහවුරු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ ඉහළ ඡන්ද පදනමක සිට පහළට බැස ඇති නමුත්, සර්වජන බලය පක්ෂය පමණක් බිංදුවේ සිට ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ ශක්තිමත් ඡන්ද පදනමක් ගොඩනගා ගැනීමට සමත්ව ඇති බව ද අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.