වලංගු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදනාගාරයක් වටලයි
වලංගු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ටින් මාළු නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 15 කට ආසන්න වෙළඳපොළ වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම ස්ථානයේ නිෂ්පාදනය කරනු ලැබූ ටින් මාළු, නිසි ප්‍රමිතියකින් තොරව විවිධ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් වෙත අලෙවි කර ඇති බවට ද මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ නීති විරෝධී නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පාරිභෝගික අධිකාරී භාරයට ගත් ටින් මාළු තොගය ඉදිරි විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.