විශේෂ දැනුම්දීමක් - කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

Report

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ධාරිතාව වෙත ළඟා වීම හේතුවෙන්, අද (09) පස්වරු 7.00 ට ජලාශයේ වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය නිවේදනය කළේ, මෙම විවෘත කරන ලද වාන් දොරටු හරහා තත්පරයට ඝන මීටර 20 ක පමණ වේගයකින් අතිරික්ත ජලය කොත්මලා ඔයට මුදා හැරීමට කටයුතු යොදා ඇති බවයි.

මුළු ලංකාවටම සුබ සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ නොසිතූ ලෙස ආදායමක් ඉහළට

මුළු ලංකාවටම සුබ සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ නොසිතූ ලෙස ආදායමක් ඉහළට

මෙම තත්ත්වය මත ජලාශයෙන් පහළ පිහිටි කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉතා සුළු වශයෙන් ඉහළ යාමක් සිදුවිය හැකි බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් වහා දැනුවත් කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

හෙට දිනයේදී පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

හෙට දිනයේදී පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්