දුරකථන භාවිතා කරනවනම් පරිස්සම් වෙන්න

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් විහාර මහා දේවී උද්‍යානය අසලදී වටිනා ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද(12)කුරුඳුවත්ත පොලිසියට නියෝග කර ඇත.

කොළඹ ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණයෙන් එලෙස නියෝග කළා.

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර සිටියේ විහාර මහා දේවි උද්‍යානය පසුකර යමින් සිටියදී මෙම පැමිණිලිකරුගේ ජංගම දුරකථනය යම්කිසි පුද්ගලයෙකු විසින් කොල්ල කා ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වර්තා කරන ලෙසට නියෝග කළේය.

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට