අමරකීර්ති ඝාතන සැකකරුවන් 32ක් ගැන අධිකරණය දුන් නියෝගය.
Sri Lanka
By krishani
අද (07) අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් සම්බන්ධයෙන් නියෝගයක් කළේ ය.
ඒ එම සිදුවීමට අදාළව සැකකරුවන් 32ක් ජුලි මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසයි.
එම සැකකරුවන් ගම්පහ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේ ය.