උප්පැන්නය ගැන තීරණයක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙක් අධිකරණයට
උප්පැන්න ලියාපදිංචි කරන ලේඛනයේ ජාතිය සඳහන් කිරීමට ඇති තීරුව හිස්ව තැබීමට හෝ එම තීරුවේ ශ්‍රී ලාංකික ලෙස සඳහන් කිරීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නීතිපතිවරයා ට නියෝග කළා.
ඒ නීතීඥ නුවන් බෝපගේ මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයට ජාතිය කුමක් දැයි ඇතුළත් කිරීම මඟින් යමෙකු උපදින විටම ජාතීන් ලෙස බෙදීමට ලක්කර ඇතැයි පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් අද අධිකරණයට කරුණු දක්වා සිටියා.
එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය සිදු කළා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපෙොල යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
තම දරුවාගේ උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ අදාළ තීරුවේ ජාතිය සඳහන් නොකර ශ්‍රී ලාංකික ලෙස සඳහන් කරන ලෙස තමා කළ ඉල්ලීමක් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් නීතීඥ නුවන් බෝපගේ මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණා. පෙත්සම ලබන පෙබරවාරි 17යළි කදවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |