දිනෙන් දින ජීවිත බිළිගන්න රිය අනතුරු වලට හේතුව මෙන්න..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..
සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසන්නේ, වර්තමානයේ සිදුවන බොහෝ රිය අනතුරුවලට හේතුව රථවාහනවල නිසි නඩත්තුවක් නොමැති වීම බවයි.
ඔහු පවසන්නේ වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ජනතාව වාහන නිසි ලෙස නඩත්තු නොකරන බවය. විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
"වාහනවල තියෙන ගැටලු බොහෝ වෙලාවකට අනතුරකට හේතුවෙක් වෙන්න පුළුවන් සහ අනතුරේ තියෙන බරපතළකම වැඩිවීමට හේතුවක් වෙන්නත් පුළුවන්. අපි ළඟ තියෙන වාහන නිවැරදි ආකාරයෙන් නඩත්තු කරගන්න, නිවැරිදි ආකාරයෙන් සේවා සපය ගන්න තියෙන හැකියාවන් යම් ප්‍රමාණයකට සමහර අය පොඩ්ඩක් ප්‍රමාද කරන්න උත්සහා කරනවා තියෙන ආර්ථික මට්ටම් එක්ක. ඒ නිසා පාරේ ධාවනය වෙන්නේ සමහර වෙලාවට නිසි ආකාරයෙන් නිසි නඩත්තුවකින් තොරව භාවිතා වන ඒ වගේ වාහන වෙන්න පුළුවන්. ටයර් හතර මාරු කරන්න ඕනේ.
විවිධාකාර හේතු නිසා ටයර් මාරු කිරීමේ ප්‍රමාදයක් තියෙනවා. හැබැයි ටයර්වල ගුණාත්මක භාවය වැදගත් වෙනවා. බේරේක් හරියට වදින එකක් නෑ. සමහර ලිස්සා යන්න පුළුවන්. ගමන් කරන කොට පුපුරා යන්න පුළුවන්. මේ ආකාරයේ විවිධාකාර හේතු නිසා අනතුරකට අත වන්න පුළුවන්. මාර්ග නීතිවලට අවනත වෙමින් සහ නිවැරදි ආකාරයෙන් නඩත්තු කළ වාහනයක් මාර්ගයේ ගමන් කිරීමට අපි උත්සහා කිරීම තුළින් අපිට පුළුවන් බොහෝ අනතුරු අඩුකරගන්න පුළුවන්."
…………………………………………………………………………………
You may like this video 👇