කොළඹ කල්ලියක් බෙහෙත විදින්න ගාලු ගිහින් වෙච්ච දෙයක්.

Colombo Healthy ministry Covid vaccines Galle unawatuna
By Aruna Jun 08, 2021 03:41 AM GMT
Aruna

Aruna

Report

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසකට ඊයේ (7 වැනිදා) ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 75 දෙනකුට පමණ මෙලෙස එන්නත ලබාදී තිබේ.

එම ස්ථානයේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන 50 ක් පමණ තිබී ඇත.

පළාත් අතර සංචරණය තහනම් කර ඇති තත්ත්වයක් යටතේ මෙම වාහන ගාල්ලට ගොස් ඇති බවද අනාවරණය වෙයි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න ප්‍රකාශ කළ බව පවසමින් පසුගියදා මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ දිවයිනේ ඕනෑම පුද්ගලයකුට එන්නත් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලබාදුන් ලක්ෂ හයකට දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ එන්නත් හිඟය හේතුවෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධනගෙන් විමසීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now