කොරෝනා මුස්ලිම් මෘතදේහ භූමදානයට එක් දිස්ත්‍රික්කයක ඉඩමක්.. වලවල් කැපීමත් අරඹයි..

Covid-19
By Thaya Mar 05, 2021 07:40 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානයට අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් මඩකලපුව ඔට්ටමාවඩි කෝරලේපත්තුව ප්‍රදේශයේ තෝරාගෙන තිබේ. යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කලේය. එම ඉඩමේ භූමදානය සඳහා වලවල් හැරීමේ කටයුතු ද අරඹා ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්. අමීර් අලි මහතා පැවසීය. එම භූමිය ගංවතුර හා දැඩිව වර්ෂා කාලවල් වලදී මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය සඳහාම වෙන්කර තිබූ ස්ථානයක් බව ද ඒ මහතා තවදුරටත් කීය.