ප්‍රධාන පාසලක 08 වසරේ සිසුවෙකුට කොරෝනා…
Corona
By Thaya
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් නගරයේ පිහිටි ප්‍රධාන දමිල පාසලක 8 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (22) දින තහවුරු වි ඇති බ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.
අසාදිත සිසුවා (21) දින පාසල තුල වැටි තුවාල සිදු විමෙන් පසු සිසුවා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදිමෙන් පසු රෝහලේදි (22) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
එම පාසලේ 8 වසරේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි පාසල් සිසුවා හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට සෞඛ්‍ය අංශ විසින් දැනට තහවුරු කරගෙන ඇති අතර , එම සිසුවාගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.