දින 29ක් පැරණි මළසිරුරකින් කොරෝනා මතුවෙයි...මෙහෙම ගියොත් මැරිච්ච මාලු කන්නත් බයයි.

Covid-19 Anuradhapura
By Thaya Jan 14, 2021 02:35 PM GMT
Report

දින 29 ක පමණ කාලයක් අධිශීතකරණයක තැන්පත් කර තිබූ කොරෝනා මෘතදේහයක කොරෝනා වෛරසය තිබූ බව පරීක්‍ෂණවලින් හෙලිව ඇත.

මෙම මෘත දේහය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ එකක් බවයි පැවසෙන්නේ.

73 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘතදේහයක් මෙසේ පරීක්ෂාවකට ලක් කර ඇත.

කොරෝනා වැළඳීම නිසා එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මරණයට පත් වී තිබේ.

එම දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ ඥාතීන් මළ සිරුර බාර ගැනීමට ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන් මෙතෙක් දිනක් එය මෘත ශරීරාගාරයේ තිබී ඇත.