ප්‍රදේශ දෙකකින් කොරෝනා පොකුරු මතුවෙයි...මන්ත්‍රීවරයෙකුත් ඒ අතර.

Covid-19
By Thaya Mar 06, 2021 06:16 PM GMT
Thaya

Thaya

Report

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිස් දෙදෙනෙකු කොරෝනා වෛරස ආසාදන වූවන් ලෙස අද (06) උදෑසන වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. ඒ අතර කැස්බෑව නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ 20 දෙනෙකු සහ සුපිරි වෙළඳසැලක 11 දෙනෙකු ලෙස ආසාදිතයින් තිස් දෙදෙනෙකු වාර්තා වී ඇත . මේ වනවිට පිළියන්දල නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයින්ගේ සමීපතමයින් ඉවත් කොට සඳුදා සිට එම ස්ථාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය බලධාරිහු පවසති.

මීට පෙර නගර සභාවෙන් 10 දෙනෙකුද , සුපිරි වෙළෙඳ සැලෙන් 04 දෙනෙකු ද, ආර්ථික මධ්‍යස්ථානයෙන් 13 දෙනෙකු ද වාර්තා වී තිබීම නිසා ඊයේ (05) සමීපතමයින් 250 දෙනෙකුගේ පමණ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් තිස් දෙදෙනා හඳුනා ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි. මේ අතර ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු තහවුරු කර සිටිනවා.

එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම ජල විදුලි බලාගාරයේ සෙසු සේවකයින් ඊයේ දින ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කල බවත් එහිදි සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ. එම අසාදිතයින් හමුවිමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සෙවකයින් 140 දෙනෙකු PCR පරික්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවක නිල නිවාස තුලදීම ස්වයං නිරෝධායනයට යොමු කල බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.