කොරෝනා අවදානමක් නිසා පිරිවෙනක් වහාම වසා දමයි(PHOTOES)
CORONA
COVID19
SINHALANEWS
PIRIVENA
By Gagana
බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් 23 දෙනකු ඇතුළු 25 දෙනකුට කොරෝනා වයිරසය ආසාධිත බවට තහවුරු වීම නිසා පිරිවෙන අද සිට තාවකාලිකව වසා දැමු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.
ආසාදිත හිමිවරුන් අතර පිරිවෙන් අධ්‍යක්ෂක හිමියන්ද සිටින බව සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා කීය.
ඉකුත් දින දෙක තුන තුළ එම පිරිවනෙහි හිමිවරුන් කීප දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන් පිරිවෙනේ වැඩ වාසය කරන හිමිවරුන් 40 දෙනකු හා පිරිවෙන් භූමියේ ඉදිකිරීම් කටයුත්තක නිරත පෙදරේරුවන් දෙදෙනකු උදෙසා බණ්ඩාරගම සෞඛ්‍ය ඇති නිලධාරී කාර්යාලය මගින් සිදු කළ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |

