බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පැවසුවේ, බඩඉරිඟු යොදා නිෂ්පාදනය කරන සත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.