බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ගේනවා - ලාල් කියයි
බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අනවශ්‍ය ලෙස මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙලෙස බඩ ඉරිඟු ආනයනය කරන බව ඔහු සඳහන් කළේය.