කොවිඩ් අවදානම තවත් වැඩි වෙයි.. අද ආසාදිතයන් ගණන.
Corona virus
Covid 19
By Sithumi
දෙදෙන මෙරටින් කොරෝනා ආසාදිතයින් 541 දෙනකු වාර්තා වී තිබේ.
එමෙන්ම ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
ඒ හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි එම සංවිධානය පුරෝකථනය කර තිබේ. මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 194ක් වන තම සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසය.
ඒ අනුව අත්‍යවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන්නැයි එම සංවිධානය ලෝකයේ රටවලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මේ අතර වැඩිවන සිද්ධි සංඛ්‍යා අපේක්ෂාවෙන් සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරන ලෙසද ඉල්ලා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |