"ගම සමග පිළිසඳර " අද වලපනෙ යොඹුවැල්තැන්න ගම්මානයේදී

Village
By Thaya Mar 20, 2021 07:30 PM GMT
Thaya

Thaya

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන “ගම සමග පිළිසඳර“ 15 වැනි අදියර මේවන විට පැවැත් වේ. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි. යෝඹුවැල්තැන්න ගම්මානය වලපනේ නගරයේ සිට කිලෝමිටර් 13ක් දුරින් පිහිටා ඇති අතර එහි පවුල් 139 කට අයත් පුද්ගලයින් 397 දෙනෙකු වාසය කරයි. වී සහ එළවළු වගාව ප්‍රධාන ජීවනෝපාය කර ගත් මෙහි ජනතාව ගැටලු රැසකින් පීඩා විඳිති.


එම ගැටලුවලට සෘජුවම පිළිතුරු ලබා දිම සඳහා ක්‍රියාත්මක වන “ගම සමග පිළිසඳර“ වැඩසටහන ආරම්භ කිරිමට අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝඹුවැල්තැන්න ගම්මානයට පැමිණියේය. එහිදී ජනතාව අමතමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“මම දුෂ්කර ගම්මානවලට ගිහිල්ලා ගම සමඟ පිළිසඳර වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධානතම දෙයක් තමයි ද්‍රරිද්‍රතාවය නැති කිරීම. ඒ කියන්නේ දුප්පත් ගම්මානවල ආදායම් තත්ත්වය ඉහළට ගේන්නට තමයි අපේ මූලික ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි අපේ 75%ක් පමණ අපේ රටේ ජීවත් වෙන්නේ ග්‍රාමීයව එයින් 35%ක් පමණ සෘජුවම කෘෂිකර්මාන්තය හා සම්බන්ධව වැඩකටයුතු කරනවා. 75%ක් වන ජනගහනයෙන් දුප්පත්කමින් මුදවා ගැනීම, ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම වැදගත් වෙනවා. අපේ ප්‍රතිපත්තිය සකස්වෙලා තියෙන්නේ ඒ ආකාරයටයි. ඒ හින්දා තමයි විශේෂයෙන් කෘෂිකාර්මාන්තය වෙනුවෙන්, වැවිලි කාර්මාන්තය වෙනුවෙන් අපි විශේෂ අවදානයක් යොමු කරන්නේ. “