රු 15,000 ශිෂ්‍යාධාර ගැන සාකච්චාවක් - ලංකා ගුරු සංගමය අවධාරණය කරයි

Report

ලංකා ගුරු සංගමයේ උප සභාපති අශෝක චන්ද්‍රසේකර මහතා පවසන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන රජයේ නිලධාරීන් සාමාජිකත්වය දරන, අධ්‍යාපන සේවක සකසුරුවම් ණය දෙන සමුපාකාර සමිතියේ (ඊ.ඩී.සී.එස්.) සාමාජිකයන්ගේ, විශ්වවිද්‍යාලවලට තේරුණු දරුවන්ට දෙන රුපියල් පහළොස් දහසේ ශිෂ්‍යාධාරය ලබා ගැනීම සඳහා, එම ශිෂ්‍යාධාරය ගැනීමට දුරබැහැර සිට පවා කොළඹ පැමිණීමට සිසුන්ට ඒ දරුවන්ට රුපියල් දසදහසකට වැඩි මුදලක් වැය කරන්නට සිදුව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා මෙවර ඔවුන්ව අරලියගහ මන්දිරයට කැඳවීමට තීරණය කිරීම බරපතළ අනීතික ක්‍රියාවක් බවත්, ශිෂ්‍යාධාර පිරිනැමීමක් වෙනුවෙන් මෙලෙස උත්සවයක් සංවිධානය කිරීම සාමාජික මුදල් අවභාවිත කිරීමක් බවත්ය.

බොරුවක් පැතිරෙනවා අහුවෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බොරුවක් පැතිරෙනවා අහුවෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මෙම සමුපාකාර සමිතියේ සාමාජිකයන්ගේ දරුවන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට තේරී පත්වෙන අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් රුපියල් දොළොස් දහසක ශිෂ්‍යාධාරයක් පිරිනැමෙන බවත් එය අදාළ සමුපකාර සමිතියේ තීරණයක් මත සාමාජිකයන්ට හිමි වරප්‍රසාදයක් බවත් ඔහු කියයි.

නමුත් 2023- 2024 අධ්‍යන වර්ෂයට අදාළව උසස් පෙළ සමත් ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ ශිෂ්‍යයන් අරලියගහ මන්දිරයට කැඳවා අදාළ ශිෂ්‍යාධාර පිරිනැමීමට මෙම සමුපාකාර සමිතියේ පාලන අධිකාරිය තීරණය කර ඇතැයි ඔහු කීය. සිසුන් කොළඹට කැඳවීමේ දී නීති මාලාවක්ද හඳුන්වා දී තිබෙන අතර සිසුන් සැරසී පැමිණිය යුතු ඇඳුම පවා නියම කර ඇති බවත් ඔහු පවසයි.

පාසල් සිසුන්ට රුපියල් 15,000ක දීමනාව ගැන දැනුම්දීමක්

පාසල් සිසුන්ට රුපියල් 15,000ක දීමනාව ගැන දැනුම්දීමක්

මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් බවද කැඳවීම් ලිපියේ සඳහන් කර ඇති අතර ශිෂ්‍යත්වලාභී දරුවන් මාපියන්ගෙන් එක් අයෙකු සමග පමණක් පැමිණිය යුතු බව සඳහන් කර ඇතැයිද අශෝක චන්ද්‍රසේකර පෙන්වා දෙයි.‍ ශිෂ්‍යාධාරය හිමිකමක් වන නමුත් උත්සව පැවැත්වීම සඳහා වැය කරන්නේ කාගේ මුදල්ද යන්න මෙහිදී යළි විමසා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය පාලන සමයන්හිදී බරපතළ මූල්‍ය අක්‍රමිකතාවයන් සිදු වූ මෙම සමුපකාර සමිතිය මේ වනවිට පාලනය කරනු ලබන්නේ මාලිමාවට සම්බන්ධ පිරිසක් විසින් වන අතර සාමාජිකයන් දැඩි විශ්වාසයෙන් යුතුව ඔවුන්ට මනාපය පළ කළේ, දූෂණ අක්‍රමිකතා වළක්වන බවට දුන් පොරොන්දු හේතුවෙන් බවත්, ලංකා ගුරු සංගමයේ උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.