සේවක වැටුපින් 8% ක් කපන විශ්‍රාම අරමුදලට කැබිනට් අනුමැතිය. (VIDEO)

Bandula Gunawardane Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka
By Wayomi Feb 28, 2023 07:06 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

විශ්‍රාමිකයා රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මෙම අරමුදලේ අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව 2016 සිට රාජ්‍ය සේවයට බැඳුණු රාජ්‍ය සේවකයින් සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදි රාජ්‍ය සේවයට බඳවා ගන්නා සියළුම රාජ්‍ය සේවකයින් මෙම දායක විශ්‍රාම වැටුපට යටත් වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මෙහිදී රාජ්‍ය සේවකයෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුගේ වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12%ක් මාසිකව යෝජිත අරමුදලට බැර කළ යුතු වෙනවා.

මෙම යෝජිත විශ්‍රම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිට වනු ලබන අතර අරමුදල කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත කළමනාකරුවෙකු පත් කරනු ලබයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

" මහජනතාවගේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ රාජ්‍ය සෙවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා. අද වන විට රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර කර තිබෙනවා. අනාගතයේ කවදා හරි බඳවා ගන්නවා නම් මේ දායකත්ව විශ්‍රම වැටුපට යටත්ව තමා ඔවුන් බඳවා ගන්නේ. 2016 පස්සේ රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයින්ගේ පත්වීම් ලිපිවල මෙම වැටුප් ක්‍රමයට යටත් විය යුතු බව ඔවුන්ගේ පත්වීම් ලිපිවලම සඳහන් වෙනවා.රාජ්‍ය අයවැය මත ඇති වන පීඩනය අවම කිරීමට සහ විශ්‍රාමිකයින්ට ලබා දෙන පහසුකම් වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙනවා.

අපි මෙම යෝජනාව මුලින්ම ගෙනාවේ 2001 වර්ෂයේදීයි. 2001 -2002 වර්ෂවල අද පවතින මෙම තත්වයට රට වැටෙන බව දැනගෙන යෝජනා ගණනාවක් ගෙනවා. මෙම සහභාගීත්ව විශ්‍රමා වැටුප් යෝජනාවත් මීට පෙර ගෙනාවා. මේවා මීට වසර 20කට පෙර ගෙනාවා නම් අද පවතින තත්වයට මේ රට වැටෙන්නේ නැහැ. අවාසනාවකට එදා මේ දේ කරන්න හදපු ආණ්ඩුවට ජනතාව ගෙදර යමවු කිව්වා"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW