උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා අද සිට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Report

අද(23) සිට ජනවාරි 15 දක්වා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

ඒ උත්සව සමය වෙනුවෙන් ය.

උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා අද සිට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Consumer Affairs Authority Raids

එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් සංඛ්‍යාව විසිහතර දහස ඉක්මවා ඇති බවයි.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළ ආහාරපානවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ,වෙළෙඳපොළේ සහල්, එළවළු, මස්‍, මාළු, බිත්තරවල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගනු ඇති බවයි.

ඉදිරි දින කිහිපය තුළ කොත්තු - රයිස් මිලට සිදු වන දේ.

ඉදිරි දින කිහිපය තුළ කොත්තු - රයිස් මිලට සිදු වන දේ.