මීළඟ පොලිස්පති තෝරන්න ව්‍යවස්ථා සභාව රැස්වෙන්නේ මෙදාට

Sri Lanka Police Parliament of Sri Lanka Latest Headlines Sinhala news Breaking News
By Kaushi Aug 09, 2025 07:08 AM GMT
Kaushi

Kaushi

Report

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එළඹෙන 12 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනටමත් නිර්දේශ කර තිබෙනවා.

එසේ වුවත් මෙම නාමය සලකා බැලීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉකුත් 7 බ්‍රහස්පතින්දා රැස්වුවද අවසන් තීරණයක් ගෙන නැති බව වාර්තා විය.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රකාශකයකු සඳහන් කළේ එම සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ගැටලුවක් තිබූ නිසා ඒ පිළිබඳව තීරණයක් ගැනීම මෙසේ කල් ගිය බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් පසුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හැරියා.

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

එසේම ජනාධිපතිවරයා පොලිස්පති ධූරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නම පමණක් බව ද සඳහන්.

ඒ මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත් කෙරුණේ 2024 සැප්තැම්බර් 27 දිනයි.

මේ අතර මෙම පොලිස්පති ධූරය ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු හයදෙනෙක් ඉකුත් දිනවල දැඩි උත්සහයක නිරත වී ඇත.  

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්