ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව සඳහන්.

මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ මහතා වෙත භාරදෙනු ලැබීය.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ ලිපිය ඔහුගේ නිවස වෙත ගොස් එම භාරදුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත  වූ අතර එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැත.

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

කෙසේවෙතත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය.

ඒ අනුව කතානායකවරයා වෙත යොමුකළ අතර ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ දින අත්සන් කරනු ලැබීය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විසින් එය දේශපන්දු තෙන්නකෝන් මහතාට ලබා දී තිබේ.

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?