පොලිස්පතිගේ නියෝග වට්ස්ඇප් දැමූ කොස්තාපල්ගේ වැඩ තහනම්

By Shehan May 15, 2025 01:20 AM GMT
Report

පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අයත් කොස්තාපල්වරයකු විසින් පොලිස්පති නියෝග ඇතුළත් චක්‍රලේඛ වට්ස්ඇප් සමූහයක් හරහා පොලිසියට අයත් නොවන පිටස්තර පාර්ශ්වයන් වෙත යොමු කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර ඇත.

පොලිස් මූලස්ථානය පවසන පරිදි, මෙම කොස්තාපල්වරයා උසස් නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව, ඔහුගේ පෞද්ගලික දුරකථනය භාවිතයෙන් CRTM / RTM messege No 3 නමින් වට්ස්ඇප් සමූහයක් පවත්වාගෙන ගොස් ඇත.

'හරක් කටා' වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් වැයකෙරේ

'හරක් කටා' වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් වැයකෙරේ

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, එම වට්ස්ඇප් සමූහයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සමහරක් පොලිසියට අයත් නොවන පිටස්තර පාර්ශ්වයන් බවයි.

ඒ අනුව, මෙම කොස්තාපල්වරයා පොලිසියේ රහස්‍යභාවය ආරක්ෂා නොකර, පොලිස් නිලධාරීන්ට පමණක් දැනගත යුතු තොරතුරු පිටස්තර පුද්ගලයන්ට හෙළි වන අයුරින්, වගකීමකින් තොරව සහ විනය විරෝධී ලෙස කටයුතු කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කර ඇත.

මාලිමා ආණ්ඩුවෙනුත් කචල්.. - යළි කැබිනට් සංශෝධනයක්..

මාලිමා ආණ්ඩුවෙනුත් කචල්.. - යළි කැබිනට් සංශෝධනයක්..