මාලිමා ආණ්ඩුවෙනුත් කචල්.. - යළි කැබිනට් සංශෝධනයක්..
රජයේ අවධානය අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීම කෙරෙහි යොමු වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉහළ බලධාරීන් විසින් සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ. විවිධ ජන ප්‍රජාවන්ගේ සහ පළාත්වල විශේෂතා නියෝජනය වන පරිදි අමාත්‍ය ධුර පිරිනැමිය යුතු බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.
මෙම සංශෝධනය සිදු කරන නිශ්චිත දිනයක් තවම තීරණය වී නොමැති වුවත්, කැබිනට් මණ්ඩල සංශෝධනයක අවශ්‍යතාවය දැඩිව සලකා බලා ඇත. මෙම සාකච්ඡාව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ආසන්න දිනකදී සිදුව ඇත.