අධිකරණ නියෝග මැද සත්යග්රහය අඛණ්ඩව 8 වන දිනටත් - කොළඹ විහාරමහා දේවි උද්යානයේ නවතම තත්ත්වය
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන මෙන් ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති අඛණ්ඩ සත්යග්රහය අද 8වන දිනයටත් ක්රියාත්මක වන බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් 16 වැනි දින විහාර මහාදේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටියි.
එහෙත් ඊයේ(22) දින මෙම විරෝධතාව පැවැත්වෙන භූමියෙන් ඉවත්වන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණා.
අඳාළ නියෝගය කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව නිකුත් කර ඇත.
ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී
එම නියෝගය විරෝධතාවට එක්ව සිටින පූජ්ය උලපනේ සුමංගල හිමියන්, පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සිවිල් ක්රියාකාරීන්ට සහ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට අදාළ වේ.
ඊට අනුව විහාර මහාදේවී උද්යානයේ බුදු පිළිමය අසල පරිශ්රය, ඇවිදින මංතීරු සහ එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්රීන් පාත් සහ මල් පාර ඇතුළු මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙස දන්වා ඇත.