පොලිසිය ඇතුළෙම මත්වුනු කොස්තාපල්
අනුරාධපුර පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු වැසිකිලිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිසියටම අනියුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල් ඊයේ (08) පස්වරුවේ වැසිකිළිය තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක, ඒ බව ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 170 ක් ප්‍රමාණයක් තිබූ බවයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින්නෙකු බවට මේ වන විට තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.
අනුරාධපුර මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
