නුවරඑළියේ අවදානම් මාර්ගවල යන එන අයට සුබ ආරංචියක් - ප්‍රපාත අද්දර මාර්ගවලට ආරක්ෂිත යකඩ වැටක් සවි කිරීම ඇරඹේ

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගවල අවදානම් සහිත වංගු සහ අධික බෑවුම් සහිත ස්ථානවල ආරක්ෂිත යකඩ වැටවල් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් මෙම ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව ඒවා ඉදිකිරීමට නියමිතයි.

ඒ අනුව හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට තලවකැලේ දක්වාත්, තලවකැලේ - පුඩළුඔය මාර්ගයේත්, ගිනිගත්හේන - දියගල හරහා ශ්‍රී පාද මාර්ගයේත් මෙම ආරක්ෂිත වැටවල් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චි මහතා සඳහන් කළේ, මෙම වසර අවසන් වීමට පෙර කිලෝමීටර් 10.5ක දුරකින් යුත් ආරක්ෂිත යකඩ වැටවල් ඉදිකිරීම අවසන් කිරීමට නියමිත බවයි.

බොරැල්ල කනත්ත වටරවුම අසල උණුසුම් තත්ත්වයක් - පදික මාරුවේ ගුටි කෙළියක්

බොරැල්ල කනත්ත වටරවුම අසල උණුසුම් තත්ත්වයක් - පදික මාරුවේ ගුටි කෙළියක්

අදාළ මාර්ගවල පසුගිය කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත්, 2026-2027 ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමට පෙර ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම රාත්‍රී කාලයේදී වාහන ධාවනය කරන රියදුරන්ට ආරක්ෂිත වැටවල් පැහැදිලිව හඳුනාගත හැකි වන පරිදි ආලෝකය පරාවර්තනය කරන සංඥා පද්ධතියක්ද ඒවාට ඇතුළත් කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න