බොරැල්ල කනත්ත වටරවුම අසල උණුසුම් තත්ත්වයක් - පදික මාරුවේ ගුටි කෙළියක්
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ පදික මාරුවේදී සිදුවූ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (20) පස්වරුවේ පදිකයින් සඳහා වූ සංඥාවේ රතු එළිය දැල්වී තිබියදී පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කර ඇති අතර, එම අවස්ථාවේ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පදික මාරුව අසල නවතා ඇත.
එහිදී අදාළ ජීප් රථයේ රියදුරු නළාව නාද කිරීමත් සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට මාලබේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු පැදවූ රේන්ජ් රෝවර් ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.