පෞද්ගලික බස් හිමියන්ට තුන් ලක්ෂයක සහන ණයක් ...

Bus Loan
By Thaya Feb 15, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

පෞද්ගලික බස් කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත්, මගී ජනතාවට අපහසුවෙන් තොරව සුව පහසු ප්‍රවාහන සේවාවක් ලබා දීමටත් රජයේ මූලික අරමුණ බව ප්‍රවාහන ඇමති ගාමීණී ලොකුගේ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළකලේ ජාතික ගමනා ගමන කොමිසන් සභාවේදී සංකේතාත්මකව පෞද්ගලික බස්රථ හිමියන් 27 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් හා ටිකට් පත් යන්ත්‍ර මිලදී ගැනීම සදහා රුපියල් රු. 50000 ක මුදලක් ලබාදුන් අද ලබාදුන් අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ප්‍රවාහනඇමතිවරයා කොවිඩ් - 19 වසංගතය හමුවේ අභියෝගයට මුහුණදුන් පොදු ප්‍රවාහන සේවාව නැවත නංවාලීම සඳහා පෞද්ගලික බස්රථ හිමියන් දිරිමත් කිරීමට පිරිනමන ණය යෝජනා ක්‍රමය යි. කොවිඩ් වංසගතය නිසා ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත් වූ පෞද්ගලික බස්රථ හිමියන්ට තමන්ගේ බස්රථ මාස ගණනාවක් ධාවනය නොකිරීම නිසා නඩත්තු හා අළුත්වැඩියා කටයුතු කර ගැනීමට නොහැකි වීමෙන් අසීරුතාවයට පත් වී ඇත. මේ තත්ත්වය හමුවේ පෞද්ගලික බස්රථ හිමියන් හා පොදුවේ බස්රථ හිමියන් විසින් රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග එක්ව රාජ්‍ය බැංකු හරහා පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් හා ටිකට්පත් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් ඉහත වැඩ සටහන ක්‍රියාවට නැංවීමට .

පෞද්ගලික බස්රථ හිමියන් මුහුණ පා සිටින දුෂ්කරතාවයන් පිළිබඳව රජය ඉතා හොඳ අවබෝධයකින් සිටින අතර එම දුෂ්තරතාවයක් මඟ හරවා ගැනීම සඳහා මෙම ණය මුදල් ලබා දීමට ලංකා බැංකුව හා මහජන බැංකුව ඉදිරිපත් වීම පිළිබඳව එම ආයතන වෙත සිය ප්‍රශංසාව පල කර සිටියේය. ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම වැඩ සටහන ක්‍රියාවට නංවන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග ලංකා බැංකු හා මහජන බැංකු නියෝජිතයන් මෙම ණය නිකුත් කිරීම පිළිබඳව ගිවිසුම් අත්සන් කිරීමද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ ඇතුළු පෞද්ගලික බස්රථ හිමියන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

GalleryGallery