මේ හැඳුනුම්පත හදද්දි කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වැනි අතිශයෙන්ම සංවේදී ජෛවමිතක දත්ත ඉන්දියාවට - ඇඟ හිරිවැටෙන චෝදනාවක්

Report

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ අසාදු ලේඛනගත වූ ඉන්දීය සමාගමක් වෙත ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබාදීමේ උත්සාහයක් ඇති බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ ප්‍රකාශ කරයි.

ඒ අනුව ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොමැති වුවද ඩිජිටල්කරණයට මුවාවී මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබාදීමට දැඩි විරෝදය පළ කරන බව ඔහු පවසයි.

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත මුදලිගේ,

“ඩිජිටල් හැඳුනුම්පතක් සම්බන්ධයෙන් අපිට විරෝධයක් නෑ. නමුත් ඩිජිටල්කරණයට මුවා වෙලා ඔබේ කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වගේ අතිශයෙන්ම සංවේදී ජෛවමිතක දත්ත එකතු කරලා ඒක ඉන්දියානු සමාගමකට ලබාදීම සම්බන්ධව තමයි අපි මේ බරපතළ විවේචනය පහුගිය කාලෙම ගෙනාවේ. ඉන්දියානු සංචාරය ජනාධිපතිතුමා කරලා ඉවර වෙලා ඉන්දියාවෙන් ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත හදන්න සමාගමක් තෝරගන්න ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසයේදී, ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් එක අවසන් කරනවා. නොවැම්බර් මාසයේදී ටෙන්ඩරය පිරිනමනවා. ඒ එකඟතාව මත ටෙන්ඩර් විවෘත කිරීමක් කරා ඉන්දියාවේ ආයතන පහක් ටෙන්ඩරය යොමු කරනවා. මාර්තු මාසයේ 13 ප්‍රසිද්ධියට පත්කරන ලේඛනයේ තියෙනවා සමාගම් හයක්.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් වෙත ගෙවූ රජයේ නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් වෙත ගෙවූ රජයේ නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග

හයවැනි සමාගම මේ ටෙන්ඩරය අතරතුර කල් ඇදලා ඇතුළට ඔබාගත්ත සමාගමයි මේක තමයි ගෝඨභය රාජපක්ෂ ඩිජිටල් හැඳුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ඒකෙන් අසාදුගත වූ සමාගම. දැන් මේ සාමාගමට ටෙන්ඩර් එක දෙන්න යනවා. කවුද මේක දෙන්නේ ඉන්දියාවට. ටෙන්ඩර් එක කැඳවන්නේ ඉන්දියාව, ලන්සු ඇගයීම කරන්නේ ඉන්දියාව, සැපයුම්කරු මෘදුකාංග හදන්නේ ඉන්දියාව. ආණ්ඩුව කියනවා අපිට ඉන්දියාවෙන් රුපියල් බිලියන දාහක් දෙන නිසා තමයි ඉන්දියාවට මේක පිරිනමන්නේ කියලා. එරංග වීරරත්නලා කලින් ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධව විවේචන ගේද්දි කීවේ කිසි ප්‍රශ්නයක් නෑ ලංකාවේ සිස්ටම් මාර ආරක්ෂිත නිසා කිසිම කෙනෙකුට හොරකම් කරන්න බෑ කියලා. එහෙම කියපු එරංග වීරරත්නම අපි දැක්කා ඊයේ පෙරේදා කෙඳිරි ගාල කියනවා එහෙම තමයි සිස්ටම්වල හැකර්ස්ලා එන්න පුළුවන්, තොරතුරු ගන්න පුළුවන්, තොරතුරු පිට යන්න පුළුවන් කියලා.’’ පවසා ඇත.

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි