ඇමති නලින්දට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි

Report

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජීව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත තරග විභාගයකට අනිවාර්යයෙන් පෙනී සිටින ලෙස සමසෞඛ්‍ය උපාධිධාරී සිසුන්ගේ නිවෙස්වලට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් දුරකථන ඇමතුම් ලබාදීමේ සිදුවීමක් හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

සිරි දළදා වන්දනාවේ පිළිවෙල වෙනස් වෙයි.දැනුවත් වෙලා යන්න

සිරි දළදා වන්දනාවේ පිළිවෙල වෙනස් වෙයි.දැනුවත් වෙලා යන්න

මෙම බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට රජය තීරණය කර තිබූ නමුත්, සමසෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සහ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගෙන් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වී ඇත.

27 වැනිදා පැවැත්වීමට නියමිත එම විභාගයට පෙනී සිටින ලෙස දන්වමින්, අදාළ සිසුන්ගේ නිවෙස්වලට ජාතික ජන බලවේගයේ ඉදිරි පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ඇතුළු නියෝජිතයින් විසින් දුරකථන ඇමතුම් ලබාදී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හඬපට සාක්ෂි ඉදිරිපත් කරමින් පවසයි.

දළදා රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් මරුට... විශාල පිරිසක් රෝහලේ

දළදා රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් මරුට... විශාල පිරිසක් රෝහලේ

සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම දැනුම්දීම කරන ලෙස උපදෙස් දුන් බව එම අපේක්ෂකයින් විසින් රැකියා අපේක්ෂකයන්ට දන්වා ඇති බව එම හඬපටවල සඳහන් වේ.