බන්ධනාගාර කොමසාරිස්ට එරෙහි පැමිණිල්ල අද විභාගයට

Report

ජනාධිපති පොදු සමාව අනිසි ලෙස භාවිතා කරමින් සිරකරුවන්ට නිදහස ලබාදුන් බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට එරෙහි පැමිණිල්ල අද (25) දහවල් කැඳවීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය පවසයි.

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

වැඩ තහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, පැමිණිල්ලේ විභාගය මෙලෙස පසුවට කල් තබා ඇත.

CID නිලධාරීන් කරුණු දක්වමින් පවසා ඇත්තේ, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අද උදෑසන පාර්ලිමේන්තු විමර්ශනයකට සහභාගී වන බැවින්, විභාගය පසුවට කල් තබන ලෙස ඉල්ලා ඇති බවයි.

ඇමරිකාව ෆේල් ඇමරිකාවම කියයි - ඉරානයේ න්‍යෂ්ටික බලය පරිස්සමට තියෙනවා

ඇමරිකාව ෆේල් ඇමරිකාවම කියයි - ඉරානයේ න්‍යෂ්ටික බලය පරිස්සමට තියෙනවා