කොරෝනා නිසා මියගිය සෑම අයෙකුටම වන්දියක්...වැඩේ වෙන්නෙ මෙහෙමයි.

Covid death Indian Compensation
By Aruna Oct 05, 2021 01:52 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරසය හේතුවන් සිදුවන සෑම පුද්ගල මරණයක් සඳහාම වන්දි මුදලක් ලබාදීම සඳහා ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව කොරෝනා මරණයක් වෙනුවෙන් ඉන්දීය රජය මගින් වින්දිතයින් සඳහා ඉන්දීය රුපියල් 50,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදෙනු ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුව කොරෝනා ආසාදිතව මියයන සිය පවුලේ පුද්ගලයෙකුගේ මරණය වෙනුවෙන් වන්දි ඉල්ලා ඥාතීන් විසින් අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 30 ක් ඇතුළත වන්දි මුදල ලබාදිය යුතු වනවා.

ඉන්දියාවේ ආපදා කළමනාකරණ නීතිය යටතේ කොරෝනා මරණ වෙනුවෙන් වන්දි ඉල්ලා නීතීඥයින් පිරිසක් විසින් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ පනත යටතේ කොවිඩ් - 19 ව්‍යසනයක් ලෙස විශේෂයෙන් දක්වා ඇති බැවින් වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු අදාළ පෙත්සමෙන් ඔවුන් පෙන්වා දී තිබුණා.

ඉන්දියාවෙන් මේවනවිට කොරෝනා මරණ සංඛ්‍යාව හාරලක්ෂ 49,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් සිදුව ඇති මරණ සංඛ්‍යාව එම අගයට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ගතවූ පැය 24 දී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 16,762 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ ගණන 254 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now