දෙපාර්තමේන්තුවක කොමසාරිස්වරියක් අල්ලස් දැලේ
පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත .
අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙස කටයුතු කළ කාලයේ සිදුව ඇති චෝදනාවකට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි.
ඒ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සදහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව යටතේ වේ.