කොළඹට එන ජනතාවට වැදගත් පණිවිඩයක්.
වර්ෂ අවසානයේ නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන්වලට පැමිණෙන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීමට ස්ථාන කිහිපයක් පොලිසිය විසින් වෙන් කර ඇත.
ඒ අනුව නෙළුම් කුළුණ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට සිය රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල, කැප්ටන් ගාඩ්න් කෝවිල් රථගාල මෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නැවතුම් ස්ථාන ලෙස භාවිත කළ හැකි වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට රථවාහන ගාල් කිරීම සඳහා එම්.ඕ.ඩී. රථගාල, ගාලු මුවදොර - ගාලු මැද පාරේ සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන ගාල් කිරීමට අවස්ථාව හිමි වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |