කොළඹ තවත් සැප වෙයි - Port City ට අලුතින්ම එන්න යන දේ

Report

කොළඹ වරාය නගරයේ ප්‍රථම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල ලෙස ආරම්භ කරමින් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රමුඛතම විශේෂ ආර්ථික කලාපය නියාමන සූදානමක සිට සක්‍රීය පෞද්ගලික අංශයේ මෙහෙයුම් දක්වා පරිවර්තනය වීම මෙමගින් පෙන්නුම් කෙරෙන බව සඳහන්.

ආයෝජනය සහ සංවර්ධනය ‘බේ වන් රෙසිඩන්සස් කොළඹ’ (Bay One Residences Colombo) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය,මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන ඉන්ටර්නැෂනල් කොන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (ICC) ආයතනය විසින් පිහිටුවන ලද ‘ICC Port City (Private) Limited’ මඟින් ක්‍රියාත්මක කරයි.

එසේම වර්ග මීටර් 13,945 ක වපසරියකින් යුත් සුවිශේෂී වෙරළබඩ භූමි ප්‍රමාණයක ඉදිවන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත කර ඇති මුළු ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 112 ක් වේ.

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ නිවේදනයක්

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර තිබෙන මෙහි සුඛෝපභෝගී මහල් නිවාස 231 ක් ඇතුළත් වන අතර, එමඟින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙනුවෙන් ලෝක මට්ටමේ නාගරික ජීවන අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්ටර්නැෂනල් කොන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නාමල් පීරිස් මහතා කියා සිටියේ වරාය නගරයේ පළමු අදියරේ යටිතල පහසුකම් අවසන් කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ඔස්සේ පදිංචිකරුවන්ට ජීවත් වීමට, රැකියාවේ නිරත වීමට සහ විවේකය ගත කිරීමට හැකි ඒකාබද්ධ පරිසරයක් ලැබෙන බවයි.

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

තවද CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සියොං හොංෆෙන්ග් (Xiong Hongfeng) මහතා පැවසුවේ වසර ගණනාවක සැලසුම් සහ නියාමන කටයුතුවලින් අනතුරුව පෞද්ගලික අංශයේ විශ්වාසය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම මෙමගින් සනාථ වන බවයි.

එමෙන්ම මුහුදෙන් ගොඩකරන ලද හෙක්ටයාර 269 ක භූමි භාගයක පිහිටි කොළඹ වරාය නගරය, දකුණු ආසියාවේ ප්‍රධාන ආර්ථික ද්වාරය වශයෙන් ස්ථානගත කර තිබෙනවා.

බදු සහන, 100% විදේශීය අයිතිය සහ විදේශ විනිමය ගනුදෙනු වෙනුවෙන් වන පහසුකම් සහිතව ඩුබායි හෝ සිංගප්පූරුව වැනි සාර්ථක ආර්ථික ආකෘතීන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රාග්ධනය සහ දක්ෂතාවන් සඳහා වන තරඟකාරී ගමනාන්තයක් බවට පත් කිරීම මෙහි දිගුකාලීන අරමුණ බව වාර්තා වේ.

මේ අවුරුද්දේ වෙසක් රාජ්‍ය උත්සවය ගැන විශේෂ දැනුම්දීමක්

මේ අවුරුද්දේ වෙසක් රාජ්‍ය උත්සවය ගැන විශේෂ දැනුම්දීමක්