මේ අවුරුද්දේ වෙසක් රාජ්‍ය උත්සවය ගැන විශේෂ දැනුම්දීමක්
මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වන දින පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා, මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් විසින් දැනුවත් කර තිබෙනවා.
එසේම ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මැයි 01 වැනිදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය වශයෙන් යොදා ගැනීම සුදුසු නොවන බවට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණා.
එබැවින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී මැයි මස 30 වැනිදා වෙසක් රාජ්‍ය උත්සය පැවැත්වීමට එකඟතාව පළකර ඇති බව මහාචාර්ය චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.