ආසියාවේ උසම තැන කොළඹ නෙළුම් කුළුණේ අද සිට සිදුවන විශේෂ දේ මෙන්න.
රටවල් දහයක වෛද්‍ය සහ සෞඛ්‍ය කණ්ඩායම් සහභාගි වන “හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව” අද (28) සිට ලබන 30 දා දක්වා කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු වළක්වා ගැනීමේ ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ‘දිවයින’ට සඳහන් කළේ, මෙවර සමුළුව සඳහා රටවල් දහයක අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍ය හා සෞඛ්‍ය කණ්ඩායම් සහභාගි වන බවත්, මෙවර සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ලබා දෙන බවයි.
අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන නව ප්‍රවණතාවන්, දැනුම සහ තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර අදහස් හුවමාරු කර ගැනීම ද මෙම සමුළුවේ එක් අරමුණක් බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
You May Like This Video