කොළඹ මහාධිකරණයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුට නියෝග

Report

කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 04 වනදා යළි කැඳවන ලෙසයි.

අදාළ නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර චෝදනාව නම් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවදියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යන චෝදනාවයි.

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු

නඩුව විමර්ශනය වන අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැති අතර ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම විත්තිකරුවන් දෙදෙනා වැලිසර මහෙස්ත්‍රත් අධිකරණය මඟින් වෙනත් නඩුවක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බවයි.

ඒ අනුව මෙම නඩුව යළි මාර්තු මස 04 වනදා සහ 18 වනදා විභාගය සඳහා යළි කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුට පෙනී සිටි ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළේය. එදින විත්තිකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර සිටියේය.

බස්රථ වලින් ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - පොංගල් වලට අලුත් වැඩක්

බස්රථ වලින් ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - පොංගල් වලට අලුත් වැඩක්

විදුලි ගාස්තු අඩුවෙයිද? ප්‍රබලයකුගෙන් විරෝධයක්

විදුලි ගාස්තු අඩුවෙයිද? ප්‍රබලයකුගෙන් විරෝධයක්