බල සටනින් යළි උණුසුම් වෙන කොළඹ

Colombo SJB Sri Lanka Politician Local government Election NPP Government
By Kaushi May 17, 2025 12:27 PM GMT
Kaushi

Kaushi

Report

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව පළාත් පාලන ආයතනවල වැඩි අවධානයක් යොමුව ඇත්තේ කොළඹ මහ නගර සභා පුරපති ධුරය සඳහායි.

ඒ අනුව කොළඹ මහ නගර සභා පුරපති ධුරය වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති මාධ්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

මේ සමඟම එළඹෙන ජුනි මස 02 වන දින කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තෝරාපත් කර ගැනීමට අඳාළ ඡන්ද විමසීම් කටයුතු සූදානම් කරමින් සිටියි.

කොළඹ මහ නගර සභාව මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සලකයි. එබැවින් එහි බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ දැඩි අවධානයක් යොමු කරමින් සිටියි.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය ඒ සඳහා යොමු කිරීම හේතුවෙන් මෙම සටන දැඩි මුහුණුවරක් ගෙන ඇති බවයි.

එසේම දේශපාලන පක්ෂ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡා ද ආරම්භ වී ඇති බව සඳහන්.

තවද ඇතැම් අවස්ථාවල දේශපාලන පක්ෂ සභිකයින් දිනා ගැනීමට විවිධ වරදාන වරප්‍රසාද ලබා දීමටද ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බවද පවසයි.

ඒ අනුව මේ තත්ත්වය මත පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වන ලද ඡන්ද විමසීමේදි 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයා කොළඹ මහ නගර සභාවේ පුරපතිවරයා ලෙස තේරි පත් වනු ඇත.

බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO)

බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO)

ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාවට තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ආසන 48ක් හිමි විය.

එසේම සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් මන්ත්‍රී ආසන 69ක් හිමිව තිබෙනවා.

ReeCha