ලොව විශාලතම දැවැන්තයා කොළඹට එයි(PHOTOS) ...
Sri Lanka
Business
Colombo harbor
By Aruna
ලොව විශාලතම බහාලුම් නෞකාව වන එවර් ඒස් නෞකාව අද උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මෙම නෞකාව නැංගුරම් ලෑ හැකි දකුණු ආසියාවේ එක ම වරාය, කොළඹ වරාය වීම විශේෂත්වයක්.
මෙම නෞකාවේ දිග මීටර් 400 ක් සහ පළල මීටර් 62 ක් වන අතර බහාලුම් 23,992 ක් රැගෙන යා හැකිය.
එවර්ග්‍රීන් නැව් සමාගමට අයත් මෙම නෞකාව ප්‍රථම වරට 2020 ජූලි මාසයේදී යෙදවූ අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ පැනමා රජය විසිනි.
පසුගිය මාසයේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පිටත් වූ නෞකාව අද කොළඹ වරායට පැමිණේ.
මෙතරම් විශාල බහාලුම් නෞකාවක් හැසිරවිය හැක්කේ ලෝකයේ වරායන් 24 ක් පමණක් වන අතර දකුණු ආසියාවේ නැංගුරම් දැමිය හැකි එකම වරාය කොළඹ වරායයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |










