හදිසි තත්වයක් ප්‍රකාශයට - ලොවම සලිත කළ දරුණුතම භූමිකම්පාවෙන් කොලොම්බියාව ලේ විලක් වෙයි - මිය ගිය සංඛ්‍යාව 132 ක් දක්වා ඉහළට [UPDATE]

Report

වසර ගණනාවකට පසු කොලොම්බියාවේ ඇති වූ දරුණුතම භූමිකම්පාවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 132 දෙනෙකු මිය ගොස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

එසේම මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි අතර, තවත් බොහෝ දෙනෙකු කඩා වැටුණු ගොඩනැගිලි යට සිරවී සිටින බවට සැක පළ කරයි.

රික්ටර් මාපකයේ 7.4 ක වූ භූමිකම්පාව උදෑසන 07:34 ට (GMT 12:34) චොකෝ පළාතේ කිලෝමීටර් 103 (සැතපුම් 64) ක් ගැඹුරට සිදු වූ බව එරට භූ විද්‍යා සේවය සඳහන් කර තිබුණා.

එය බටහිර කොලොම්බියාව පුරා සැතපුම් සිය ගණනක් පුරා විහිදී ඇති දැවැන්ත ප්‍රදේශයකට දැනුණු බව එරට භූ විද්‍යා සේවය පැවසුවා.

වාර්තා වූ දරුණුම භූමිකම්පාවෙන් කොලොම්බියාව සොහොන් පිටියක් වෙයි - 111ක් මරු කටට යද්දි සුනාමියක් එනවද නැද්ද කියලත් දැනුම්දෙයි

වාර්තා වූ දරුණුම භූමිකම්පාවෙන් කොලොම්බියාව සොහොන් පිටියක් වෙයි - 111ක් මරු කටට යද්දි සුනාමියක් එනවද නැද්ද කියලත් දැනුම්දෙයි

කෙසේ වෙතත් කොලොම්බියාවේ කෝපි වගා කරන කලාපයේ පෙරෙයිරා නගරයේ බොහෝ මරණ සංකේන්ද්‍රණය වී ඇති අතර, අවට නගර සහ වැලේ ඩෙල් කොකා කලාපය ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය චොකෝ පළාතේ සැන් ජෝස් ඩෙල් පල්මාර් ගම්මානය අසල පිහිටා තිබුණද, ප්‍රාදේශීය නගරාධිපති ලියොන් ෆැබියෝ මැරින් මොන්කාඩා පැවසුවේ ආශ්චර්යමත් ලෙස කිසිදු මරණයක් හෝ තුවාලයක් සිදුවී නොමැති බවයි.

එමෙන්ම භූමිකම්පාවෙන් 480 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව කොලොම්බියාවේ අගනුවර නගර සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එමෙන්ම භූමිකම්පාවේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 55ක් (සැතපුම් 34ක්) පමණ දුරින් පිහිටි පෙරෙයිරා නගරයට දරුණුතම හානි සිදුව ඇත. 

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි

EPF හා ETF මුදල් ගැන සුභ ආරංචියක් - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කරයි