පොල් මිල දැඩි ලෙස ඉහළට
පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව ඇත.
මේ දිනවල වෙළඳපොළේ ලොකු පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.
කුඩා පොල් ගෙඩියක් රුපියල් 175 ත් 190 ත් අතර මිලකට අලෙවි කරන බව වෙළෙන්දෝ ප්‍රකාශ කරති.
2024 ජනවාරි මාසයේ අවසන් සතිය සමග සැසදීමේ දී ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 78 කින් සහ කුඩා පොල් ගෙඩියක මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණයේ සඳහන් වේ.