ඉහළ ගිය පොල්තෙල් මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි..

Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Jun 18, 2024 11:12 AM GMT
krishani

krishani

Report

වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

ඉහළ ගිය පොල්තෙල් මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි.. | Coconut Oil Price In Sri Lanka

ඒ ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති හේතුවෙන් ය.

ඒ අනුව වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව පොල් සංවර්ධන අධිකාරිය පැවසීය.

පොල්තෙල්වලට හා ආනයනික පොල්තෙල් සඳහා කිසිදු අමතර බදු අයකිරීමක් රජය විසින් සිදු කර නොමැත.

මීට පෙර ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා අයකරන ලද රුපියල් 150ක බදු මුදල මෙතෙක් වෙනස් කර නොමැත.

නැතුවම බැරි පොල්තෙල් වලට එකවරම වුණ දෙයක්?.

නැතුවම බැරි පොල්තෙල් වලට එකවරම වුණ දෙයක්?.


කෙසේ වෙතත්, නැව් ගාස්තු ඉහළ යාම ද කිසිසේත්ම පොල්තෙල් ආනයනයට බල නොපායි.

එමෙන්ම, පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ ඉන්දුනිසියාවේ සිට විශාල ප්‍රමාණයේ බාජ්වලින් බවත් ඒවා අනෙකුත් භාණ්ඩ සමග ප්‍රවාහණය කරන නෞකා නොවන බැවින් නැව් ගාස්තු ඉහළ යාම කිසිසේත්ම පොල්තෙල් මිල ඉහළ යාමට බලපෑමක් එල්ල කරන්නේ නැති බවත් වැඩිදුරටත් එම සමාගම පේනවා දෙනු ලැබීය.